බස්නාහිර පළාත් සභාවේ නව සභා ලේකම්වරයා ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන යූ.බී. රෝහණ රාජපක්‍ෂ මහතා පසුගියදා (2019 අගෝස්තු 26 වන) වැඩ භාර ගන්නා ලදි.
බත්තරමුල්ල, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත අංක 204 දරන ස්ථානයේ පිහිටි පළාත් සභා කාර්යාල සංකීර්ණ ගොඩනැගිල්ලේ 11 වන මහලේ පිහිටි පළාත් සභා ලේකම් කාර්යාල පරිශ්‍රයේදී මෙම රාජකාරි භාර ගැනීමේ උත්සවය පැවැත්විණි.
මෙම අවස්ථාවට බස්නාහිර පළාතේ ප්‍රධාන ලේකම් ප්‍රදීප් යසරත්න මහතා ඇතුලු බස්නාහිර පළාත් සභාවේ සහ පළාත් සභා ලේකම් කාර්යාලයේ නිලධාරීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන්ද රෝහණ රාජපක්‍ෂ මහතාගේ හිතවතුන් රාශියක් ද එක් විය.



