// Latest News

News

හොඳම වෙබ් අඩවිය තේරීමේ තරඟාවලිය -2023 හි කුසලතා සම්මානය

බස්නාහිර පළාත් සභා රාජ්‍ය හා ව්‍යවස්ථාපිත ආයතනවල කාර්ය සාධන ඇගයීම් වැඩසටහන 2022/23 අමාත්‍යාංශ කාණ්ඩයෙහි රන් සම්මානය ද බස්නාහිර පළාත් සභා ආයතනවල වෙබ් අඩවි අතුරින් හොඳම වෙබ් අඩවිය තේරීමේ තරඟාවලිය 2023 හි කුසලතා සම්මානයද බස්නාහිර පළාතේ පළාත් සභා ලේකම් කාර්යාලය හිමි කර ගන්නා ලදී.

බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාරතුමාගේ සංකල්පයක් මත එතුමාගේ උපදෙස් පරිදි, ආයතනික අරමුණු සඵලදායීව ඉටුකර ගනිමින් සාධාරණ ඵලදායී පරිසර හිතකාමී ගුණාත්මක සේවාවක් සැපයීම සඳහා ආයතන පෙළඹවීම සහ ඒ සඳහා නිලධාරීන් දක්වන දායකත්වය ඉහල නංවමින් නිලධාරීන්ගේ සේවා තෟප්තිය වර්ධනය කිරීම හා අභිප්‍රේරණය වීමෙන් සඵලදායී සේවාවක් සැපයීමට පෙළඹවීම යන අරමුණු ද්විත්වය සාක්ෂාත් කර ගැනීම උදෙසා බස්නාහිර පළාත් රාජ්‍ය හා ව්‍යවස්ථාපිත ආයතන මගින් ගුණාත්මක සේවාවක් සැපයීම සඳහා ආයතන හා නිලධාරීන් දිශාගත කිරීම වෙනුවෙන්, 2022.01.01 දින සිට 2023.06.30 දින දක්වා කාල සීමාවට අදාළව, ප්‍රධාන ඇගයීම් ක්ෂේත්‍ර 07 ක් හා සංරචක 252ක් සඳහා අදියර 03 ක් යටතේ ආයතන වර්ගීකරණ කාණ්ඩ 19ක් සඳහා බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් විසින් සංවිධානය කරන ලද බස්නාහිර පළාත් රාජ්‍ය ආයතනවල කාර්ය සාධනය ඇගයීමේ තරගාවලිය (2022/23) හි ඉහලම කාණ්ඩය වන අමාත්‍යාංශ කාණ්ඩයෙහි කාර්ය සාධන ඇගයීම් ක්‍රියාවලිය තුල අනෙකුත් සියළුම ආයතනවලට ආදර්ශයක් හා තරගයක් ලබා දෙමින් බස්නාහිර පළාතේ පළාත් සභා ලේකම් කාර්යාලය ප්‍රථම ස්ථානයට හිමි සහතිකය දිනා ගනිමින් රන් සම්මානයට පාත්‍රවීමට හැකිවීය.

එහිදී ඊට සමගාමීව බස්නාහිර පළාත් සභා ආයතනවල වෙබ් අඩවි අතුරින් හොඳම වෙබ් අඩවිය තේරීමේ තරඟාවලිය -2023 හි කුසලතා සම්මානයද බස්නාහිර පළාතේ පළාත් සභා ලේකම් කාර්යාලය වෙත හිමි කර ගැනීමට හැකි විය. . මෙම සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය 2023.12.22 දින පෙ.ව. 9.00 ට බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ දී පවත්වන ලද අතර  එකී අවස්ථාවෙහි ඡායාරූප පහතින් වේ.

 


--------------------

දුරකථන නාමාවලිය-2024

----------------------