බස්නාහිර පළාත් සභාවේ නිල වෙබ් අඩවිය

සුනිල් විජේරත්න මහතා

ගරු සුනිල් විජේරත්න

සභාපති (හයවන සභාව)

ගරු යසපාල කෝරළගේ
(නියෝජ්‍ය සභාපති)

01. මූලාසනය

සභාපතිතුමා හා නියෝජ්‍ය සභාපතිතුමාගේ ධූරය

පළාත් සභාවේ ගරු සභාපතිතුමා සභා කටයුතු පිළිබඳ ප්‍රධානියා වේ. සභාවේ රැස්වීම්වල මුලසුන දැරීම, සභා විනය පවත්වා ගැනීම, ස්ථාවර නියෝග අර්ථනිරූපණය සහ සභා ගර්භයේ ගෞරවය සුරැකීම පිළිබඳ පූර්ණ අධිකාරිය සභාපතිවරයා සතු වේ. ඔහුට සහය වීම පිණිස නියෝජ්‍ය සභාපතිවරයෙකු සභාවේ මන්ත්‍රීවරුන් අතුරින් තෝරා පත් කර ගනු ලැබේ.

ව්‍යවස්ථාපිත බලය: 1987 අංක 42 දරන පළාත් සභා පනතේ 8 වන වගන්තිය සහ කාර්ය පටිපාටි රීති මාලාවේ 4 වන රීතිය.

ගරු හෙක්ටර් බෙත්මගේ

සභානායක

02. ආණ්ඩු පක්ෂ නායකත්වය

සභානායක ධූරය

සභානායකවරයා සභාවට අදාළ කාර්යයන් ඉටු කිරීමෙහිලා සභාපතිවරයාට සහාය වන අතර, ආණ්ඩු පක්ෂයේ ව්‍යවස්ථාදායක න්‍යාය පත්‍රය සභාව තුළ මෙහෙයවනු ලබයි. විවාද පවත්වාගෙන යාමේදී විපක්ෂය සමග සම්බන්ධීකරණයෙන් යුතුව කථිකයන්ගේ ලැයිස්තුව හා කාල සීමාවන් කළමනාකරණය කිරීම, සහ අමාත්‍ය මණ්ඩලය හා සභාව අතර මනා සම්බන්ධීකරණයක් පවත්වා ගැනීම සභානායකවරයාගේ වගකීමයි.

ප්‍රධාන කාර්යභාරය: සභා වාරවල රජයේ කාර්යයන් සැලසුම් කිරීම හා අමාත්‍ය මණ්ඩල සම්බන්ධීකරණය.

ගරු එල්. සුදත් මංජු ශ්‍රී අරංගල

විපක්ෂ නායක

03. විපක්ෂ නායකත්වය

විපක්ෂ නායක ධූරය

විපක්ෂ නායකවරයා සභාවේ සමස්ත විරුද්ධ පක්ෂ කණ්ඩායමේ නායකයා වන අතර, විධායකය ප්‍රශ්න කිරීම, ප්‍රතිපත්ති විවේචනය කිරීම හා විකල්ප යෝජනා ඉදිරිපත් කිරීම මගින් ප්‍රජාතාන්ත්‍රික තුලනය ආරක්ෂා කරයි. බස්නාහිර පළාත් සභාවේ විපක්ෂ නායකවරයාට පළාත් අමාත්‍යවරයෙකුට සමාන වරප්‍රසාද හා පහසුකම් සලසා ඇත.

තත්වය: පළාත් අමාත්‍යවරයෙකුට හිමි වරප්‍රසාද හා නිල කාර්යාල පහසුකම්.

04. ආණ්ඩු පක්ෂය

ගරු චන්දන ජයකොඩි

ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සභා රැස්වීම්වලට සහභාගී කරවීම, ඡන්ද විමසීම් අවස්ථාවලදී පක්ෂ විනය තහවුරු කිරීම, සහ සභා න්‍යාය පත්‍රයට අදාළව මන්ත්‍රී කණ්ඩායම මෙහෙයවීම.

05. විරුද්ධ පක්ෂය

ගරු යූ. ජෝර්ජ් පෙරේරා

විපක්ෂ ප්‍රධාන සංවිධායක

විපක්ෂ මන්ත්‍රීවරුන් සභා විවාදයන්හි කථික අවස්ථාවන්ට සම්බන්ධීකරණය කිරීම, කාරක සභාවල නියෝජනය තහවුරු කිරීම සහ විපක්ෂ මන්ත්‍රී මණ්ඩලයේ විනය මෙහෙයවීම.