// කාරක සභා

සභාවේ කටයුතු පහසු වනු පිණිස පැවරී ඇති විෂයයන් පිළිබඳව සාකච්ඡා කර සභාවට නිර්දේශ ඉදිරිපත් කිරීමත ඇතැම් අවස්ථාවයලදී එමගින් සභාපතිවරයාට සහාය දීමත් සඳහා පහත සඳහන් කාරක සභා පැවැත්වේ.

i. මහජන පෙත්සම් කාරක සභාව
ii. ප්‍රඥප්ති හා නීති පිළිබඳ කාරක සභාව
iii. සභා කාර්යයන් පිළිබඳ කාරක සභාව
iv. කාර්ය පටිපාටි රීති පිළිබඳ කාරක සභාව
v. ගෘහ කාරක සභාව
vi. අවදි කාරක සභාව
vii. පළාත් රාජ්‍ය ගිණුම් කාරක සභාව

 

සෑම කාරක සභාවක්ම සභාපතිවරයා ඇතුළු මුළු සාමාජික සංඛ්‍යාව 11 දෙනෙකු විය යුතු අතර, ගණ පූරණය සඳහා මුලසුන දරණ මන්ත්‍රීවරයාද ඇතුළුව තුන් දෙනෙකු සිටිය යුතුය.

 

මීට අමතරව පළාත් සභාවේ සම්මතවන යෝජනාවක් අනුව යම් නිශ්චිත කාර්යයක් හෝ කාර්යයන් හෝ ගැන ක්‍රියා කිරීම සඳහා විශේෂ කාරක සභා පත් කිරීමට පළාත් සභාවේ කාර්ය පටිපාටි රීති සංග්‍රහයට අනුව පළාත් සභාවට හැකියාව ඇත.

 

මහජන පෙත්සම් කාරක සභාව

(බස්නාහිර පළාතේ පළාත් සභාවේ කාර්ය පටිපාටි රීති සංග්‍රහයෙන් උපුටා ගැනීමකි)

 

87 (1) ලේකම් විසින් මහජන පෙත්සම් කාරක සභාවට යොමු කරනු ලබන පෙත්සම් සලකා බැලීම එම කාරක සභාවේ කාර්යය විය යුතුය.

 

මහජන පෙත්සම් කාරක සභාවේ කාර්යය

  (2) යම් පෙත්සමකින්, රජයේ නිලධාරියකු විසින් හෝ රාජ්‍ය සංස්ථාවක, පළාත් පාලන ආයතනයක නිලධරයකු විසින් හෝ මූලික අයිතිවාසිකමක් කඩ කරනු ලැබ ඇති බව හෝ වෙනත් අයුක්තියක් සිදු කරනු ලැබ ඇති බව හෝ අනාව‍රණය වන බව කාරක සභාවේ අදහස වන අවස්ථාවක විමර්ශනයකොට වාර්තා කිරීම සඳහා ඒ පෙත්සම පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්වරයා (ඔම්බුඩ්ස්මන්වරයා) වෙත යොමු කරනු ලැබිය හැකිය.

 

රජයේ නිලධාරියෙකුට එරෙහිව පෙත්සම් ඔම්බුඩ්ස්මන්වරයා වෙත යොමු කිරීම
  (3) කාරක සභා‍ව වෙත යොමු කරනු ලබන පෙත්සම් පිළිබඳ මත, අදහස් මෙන්ම ඒ පෙත්සම් සම්බන්ධයෙන් නිර්දේශ කිරීමට සුදුසු යැයි තමන් කල්පනා කරන අනිකුත් අදහස් සමග කලින් කලට පළාත් සභාවට වාර්තා කළ යුතුය. පෙත්සම් කාරක සභා තීරණ පළාත් සභාවට වාර්තා කළ යුතු බව
ප්‍රඥප්ති හා නීති පිළිබඳ කාරක සභාව

(බස්නාහිර පළාතේ පළාත් සභාවේ කාර්ය පටිපාටි රීති සංග්‍රහයෙන් උපුටා ගැනීමකි)

 

88 (1) ප්‍රඥප්ති හා නීති පිළිබඳ කාරක සභාවේ මූලික වගකීම විය යුත්තේ එම කාරක සභාවට යොමු කෙරෙන ප්‍රඥප්තියක, නීතියක, රෙගුලාසියක නීත්‍යනුකූලභාවය සලකා බැලීම්ත්, අඩුපාඩු හා සංශෝධනය විය යුතු තැන් පෙන්වා දීමත්, පළාත් සභාවට යම් අධිකරණමය කටයුත්තකට මැදිහත් ‍වන්නට සිදුවන සෑම අවස්ථාවකදීම ඒ සම්බන්ධයෙන් උපදෙස් දීමත් වේ.

 

ප්‍රඥප්ති හා නීති පිළිබඳ කාරක සභාව
  *(2) ජනාධිපති ලේකම් කාර්යාලයෙන් හෝ පාර්ලිමේන්තුවෙන් හෝ සංදේශයක් මගින් රීති අංක 63 යටතේ ප්‍රඥප්තියක් කාරක සභාව වෙත යොමු කළ විට, එවැනි නීතියක් සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයට හෝ පාර්ලිමේන්තුවට ‍හෝ ඉදිරිපත් කළ යුතු නිගමනයන් පිළිබඳව, කාරක සභාව එම දැන්වීම ලැබී දින තුනක් ඇතුළත රැස්වී, රැස්වීමෙන් පසුදිනම එකී නීතිය 09 වෙනි උපලේඛනයෙහි I වැනි ලැයිස්තුවට අදාළ වේ නම් වාර්තාව යෝජිත ‍නීතියට අදාළ විෂය භාර අමාත්‍යවරයාද, 09 වෙනි උපලේඛනයෙහි III වැනි ලැයිස්තුවට අදාළ වේ නම්, වාර්තාව ඊළඟ පළාත් සභා රැස්වීමේ න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමට හැකිවන සේ ලේකම්වරයාට භාර දිය යුතුය.

 

ජනාධිපති ලේකම් කාර්යාලයෙන් හෝ පාර්ලිමේන්තුවෙන් සන්දේශයක් ලැබූ විට
  (3) යෝජිත ප්‍රඥප්තිය හෝ වෙනත් කරුණක් හෝ කාරක සභාවට ඉදිරිපත් කරනු ලැබූ විට එම ඉදිරිපත් කිරීමට අදාළ කොන්දේසිවලට අනුකූල නිර්දේශ ඉදිරිපත් කළ යුතුය.

 

 
  (4) යෝජිත නීතියක්, ප්‍රඥප්තියක් හෝ වෙනත් කරුණක් කාරක සභාව වෙත ඉදිරිපත් කරනු ලැබූ කල්හි විෂය භාර අමාත්‍යවරයාට එම නීතිය ප්‍රඥප්තිය හෝ වෙනස් කරනු පිණිස සලකා බලන අවස්ථාවේදී කාරක සභාවේ කටයුතුවලට සහභාගීවීමට හැකියාව තිබිය යුතුය.

 

කාරක සභාවට විෂය භාර අමාත්‍යවරයාට සහභාගීවීමට හැකි විය යුතු බව
89   ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන උපලේඛනයේ iii වන ලයිස්තුවේ සඳහන් විෂයකට අදාළව යම් ප්‍රඥප්තියක් පිළිබඳ පළාත් සභාව විසින් පාර්ලිමේන්තුවෙන් කරන විමසීම්ද, එවැනි පනතක් පිළිබඳව පාර්ලිමේන්තුව විසින් පළාත් සභාවෙන් කරන විමසීම්ද ප්‍රඥප්ති හා නීති පිළිබඳ කාරක සභාවට යොමු කළ යුතුය. එම යොමු කිරීම් පිළිබඳව කාරක සභාවේ නිර්දේශ එහි සභාපතිවරයා විසින් පළාත් සභාවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කළ යුතුය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන උපලේඛනයේ iii වන ලයිස්තුවේ විෂයකට සම්බන්ධව පාර්ලිමේන්තුව විසින් පළාත් සභාවෙන් කරන විමසීම්, ප්‍රඥප්ති හා නීති පිළිබඳ කාරක සභාවට යොමු කළ යුතු බව

 

90   ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන උපලේඛනයේ iii වන ලයිස්තුවට අදාළ ප්‍රඥප්තියක් පිළිබඳව ප්‍රඥප්ති හා නීති පිළිබඳ කාරක සභාවේ නිර්දේශය ඉක්මනින් අවශ්‍ය වූ විට, එම ප්‍රඥප්තිය ඉදිරිපත් කිරීමට අදහස් කරන අමාත්‍යවරයා ඒ බවට විශේෂ සටහනක් සහිතව එය ලේකම්වරයා වෙත යොමු කරන්නේ නම්, ලේකම්වරයා ඒ බව සභාපතිවරයාට දැනුම් දීමෙන් පසුව, හැකි ඉක්මනින් එම කාරක සභාව රැස් කිරීමටත්, ඉන් අනතුරුව අවශ්‍ය කටයුතු කිරීමටත් ක්‍රියා කළ යුතුය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන උපලේඛනයේ iii වන ලයිස්තුවට අදාළ ප්‍රඥප්තියක නිර්දේශ කඩිනමින් ලබා ගැනීමට ප්‍රඥප්ති හා නීති පිළිබඳ කාරක සභාව ඉක්මනින් රැස්විය යුතු බව

 

සභා කටයුතු පිළිබඳ කාරක සභාව

(බස්නාහිර පළාතේ පළාත් සභාවේ කාර්ය පටිපාටි රීති සංග්‍රහයෙන් උපුටා ගැනීමකි)

 

91 (1) සභා කටයුතු පිළිබඳ කාරක සභාවේ මූලික වගකීම විය යුත්තේය.  
    (අ) න්‍යාය පත්‍රය සකස් කිරීමට සභාපතිවරයාට සහාය වීම න්‍යාය පත්‍රය සකස් කිරීම
    (ආ) යම් පළාත් සභා රැස්වීමකදී සාකච්ඡාවට නියමිත විෂයයන්ට අදාළව ආණ්ඩු පක්ෂයට, විපක්ෂයට හා ස්වාධීන කණ්ඩායමකට හෝ ස්වාධීන මන්ත්‍රීවරයෙකුට හෝ වෙන් විය යුතු කාලය තීරණය කිරීම හා

 

වෙන් විය යුතු කාලය තීරණය කිරීම
    (ඇ) සභා කටයුතු පිළිබඳ කාරක සභාවට යොමු කරන ලද පෞද්ගලික මන්ත්‍රීවරුන්ගේ යෝජනා සභා රීති වලට අනුකූලදැයි සලකා බලා, සභා රීතිවලට අනුකූල නම් න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීම සඳහා ලේකම්වරයාට උපදෙස් දීමය.

 

රීතිවලට අනුකූල යෝජනා න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීම
    (ඈ) මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩ කිරීම් පිළිබඳව කාරක සභාව වෙත යොමු කෙරෙන යොමු කිරීම් ගැන පරීක්ෂා කර බලා නිර්දේශ ඉදිරිපත් කිරීම.

 

2001.04.03 දින 94 ඇ රීතිය 91 ඇ, ඈ ලෙස සංශෝධනය වීම
  (2) සභා කටයුතු පිළිබඳ කාරක සභාවේ අදහස් විමසා බලා සභා රීතිවලට එකඟ නොවන යෝජනාවක් ප්‍රතික්ෂේප කිරීමට සභාපතිවරයාට හැකි විය යුතුය.

 

යෝජනා ප්‍රතික්ෂේප කිරීම
කාර්ය පටිපාටි රීති කාරක සභාව

(බස්නාහිර පළාතේ පළාත් සභාවේ කාර්ය පටිපාටි රීති සංග්‍රහයෙන් උපුටා ගැනීමකි)

 

92   පවතින ‍රීති වරින් වර සමාලෝචනය කොට සුදුසු යැයි හැ‍ඟෙන නිර්දේශ යෝජනා කිරීමත්, සභාව විසින් ඊට යොමු කරනු ලබන රීති සම්බන්ධ සියළු කරුණු ගැන සලකා බලා සභාවට වාර්තා කිරීමත් කාර්ය පටිපාටි රීති කාරක සභාවේ කාර්ය විය යුතුය.

 

 

 

 

 

 

කාර්ය පටිපාටි රීති පිළිබඳ සමාලෝචනය කොට නිර්දේශ යෝජනා කිරීම
ගෘහ කාරක සභාව

(බස්නාහිර පළාතේ පළාත් සභාවේ කාර්ය පටිපාටි රීති සංග්‍රහයෙන් උපුටා ගැනීමකි)

 

93   ගෘහ කාරක සභාවේ වගකීම විය යුත්තේ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද, අයිතිවාසිකම්, අවශ්‍යතා සලකා බලා සභාපතිවරයාට උපදෙස් දීමය.

 

 

මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද, අයිතිවාසිකම්, අවශ්‍යතා සලකා බැලීම
අවදි කාරක සභාව

(බස්නාහිර පළාතේ පළාත් සභාවේ කාර්ය පටිපාටි රීති සංග්‍රහයෙන් උපුටා ගැනීමකි)

 

94 (1) අවදි කාරක සභාවේ මූලික වගකීම විය යුත්තේ,

 

(අ) පළාත් සභාවේ ප්‍රතිපාදන යටතේ කෙරෙන ව්‍යාපෘතිවල ඵලදායීතාව සහ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම හා නාස්තිය වළක්වා ගැනීම සම්බන්ධයෙන් අදාළ අමාත්‍යවරයාට නිර්දේශයන් ඉදිරිපත් කිරීම,

 

(ආ) එකී ව්‍යාපෘති පිළිබඳ මන්ත්‍රීවරුන්ගෙන් හා මහජනයාගෙන් ලැබෙන පැමිණිලි පරීක්ෂා කර බලා, අවශ්‍යයයි තීරණය කරන්නේ නම්, ඒ ගැන අදාළ අමාත්‍යවරයා දැනුවත් කිරීම හා

 

පළාත් සභා ව්‍යාපෘතිවල ඵලදායීතාව පිණිස නිර්දේශ

එකී ව්‍යාපෘති පිළිබඳ පැමිණිලි පරීක්ෂා කළ යුතු බව

  (2) අවදි කාරක සභාවට හෝ එහි අනුකාරක සභාවකට හෝ පළාත් සභාව යටතේ සේවය කරන ඕනෑම පුද්ග‍ලයෙකු හෝ පළාත් සභා විෂයයන් සම්බන්ධයෙන් කටයුතු කරන ඕනෑම නිලධාරියෙකු හෝ පුද්ග‍ලයෙකු හෝ කැඳවා ප්‍රශ්න කිරීමටත්, පත්‍රිකා පොත්පත් වාර්තා ලිපි ලේඛන ආදිය ගෙන්වා පරීක්ෂා කිරීමටත්, වැඩ බිම් හා දේපළ ආදිය පරීක්ෂා කිරීමටත් බලය තිබිය යුතුය. මේ කාර්යයන් කිරීම සඳහා පහසුකම් සභා ලේකම් කාර්යාලයෙන් සැපයිය යුතුය. පළාත් සභා සේවකයන්ගේ විෂයයන් විමර්ශනය කිරීමේ හැකියාව
  (3) අවශ්‍යයයි හැ‍ඟෙන සෑම අවස්ථාවකදීම අවදි කාරක සභාව රැස් විය යුතු අතර යටත් පිරිසෙයින් මාසයකට එක් වරක්වත් රැස්විය යුතුය.

 

අවදි කාරක සභාවේ රැස්වීම් පැවැත්වීම
  (4) අවදි කාරක සභාව සිය කාර්යයන් පිළිබඳව තුන් මාසයකට වරක් පළාත් සභාවට වාර්තා කළ යුතුය. එම කාරක සභාව විසින් අමාත්‍යවරයෙකුට ඉදිරිපත් කරන ලද නිර්දේශ හෝ උපදෙස් ‍ හෝ එම වාර්තාවට ඇතුළත් විය යුතුය. එවැනි වාර්තාවක් පළාත් සභාවේදී සාකච්ඡාවට භාජනය කරන ලෙසට ඉල්ලා සිටීමට මන්ත්‍රීවරයෙකුට අයිතියක් තිබිය යුතුය. එවැනි අවස්ථාවකදී ඒ සඳහා දිනයක් නියම කිරීම පළාත් සභාවේ සභාපතිවරයාගේ කාර්යය විය යුතුය.

 

 

 

 

අවදි කාරක සභාව තුන් මාසයකට වරක් පළාත් සභාවට වාර්තා ඉදිරිපත් කළ යුතු බව
පළාත් සභා රාජ්‍ය ගිණුම් කාරක සභාව

(බස්නාහිර පළාතේ පළාත් සභාවේ කාර්ය පටිපාටි රීති සංග්‍රහයෙන් උපුටා ගැනීමකි)

 

95 (1) පළාතේ වියදම් දැරීම සඳහා සභාව විසින් දෙනු ලැබ ඇති මුදල් විසර්ජනය කොට ඇති ආකාරය දක්වන ගිණුම් සහ සභාවට ඉදිරිපත් කර ඇති වෙනත් ගිණුම් විගණකාධිපතිවරයාගේ වාර්තාව සමග පරීක්ෂා කර බැලීම පළාත් සභා රාජ්‍ය ගිණුම් කාරක සභාවේ වගකීම විය යුතුය.

 

පළාත් සභා රාජ්‍ය ගිණුම් කාරක සභාවේ කාර්යභාරය
  (2) පළාත් සභා අරමුදලින් ප්‍රතිපාදන ලබන පළාතේ යම් අමාත්‍යාංශයක හෝ වෙනත් ආයතනයක හෝ පරීක්ෂා කරන ලද ගිණුම් මුදල්, ගිණුම් පිළිබඳ කාර්ය පටිපාටි, කාර්ය සාධනය සහ කළමනාකරණය හා ඒ සම්බන්ධයෙන් පැන නඟින කිසියම් කරුණක් පිළිබඳව කාරක සභාව විසින් කලින් කලට සභාවට වාර්තා කළ යුතුය.

 

අමාත්‍යාංශ හා ආයතන සම්බන්ධ විමසුම් වාර්තා සභාවට වාර්තා කිරීම
  (3) කාරක සභාව විසින් නියම කරනු ලබන කවර හෝ අමාත්‍යාංශයක හෝ ආයතනයක ‍හෝ සියළුම ගිණුම්, මුදල් තත්වය හා කළමනාකාරීත්වය පිළිබඳව පරීක්ෂා කර පළාත් සභාවට වාර්තා කිරීම සඳහා කාරක සභාවට අවශ්‍යයයි හැඟී ගිය විටෙක කාරක සභාවේම සාමාජිකයන්ගෙන් සමන්විත අනුකාරක සභා පත් කිරීමට කාරක සභාවට හැකි විය යුතුය.

 

අමාත්‍යාංශ හා ආයතනවල ගිණුම්, මුදල් හා කළමනාකාරීත්වය විමසීම හා අනු කාරක සභා පත් කිරීම

 

  (4) කාරක සභාවට හෝ කාරක සභාව විසින් බලය දෙනු ලබන එහි අනුකාරක සභාවකට හෝ පළාත් සභා රාජ්‍ය සේවයේ ඕනෑම පුද්ගලයෙකු කැඳවා ප්‍රශ්න කිරීමට හෝ කිසියම් පත්‍රිකා, පොත්පත්, වාර්තා හෝ පළාත් සභාවේ අමාත්‍යාංශය‍ක ලිපි ලේඛන ආදිය ගෙන්වා පරීක්ෂා කිරීමට හා එවැනි ඕනෑම අමාත්‍යාංශයක, දෙපාර්තමේන්තුවක, අධිකාරියක ගබඩා දේපළ ආදියට ඇතුළු වීමට හෝ බලය තිබිය යුතුය.

 

පළාත් රාජ්‍ය සේවයෙන් පුද්ගල විමසුම් හා වාර්තා ලිපි ලේඛන පරීක්ෂා කිරීමට හැකි බව

 


--------------------

දුරකථන නාමාවලිය-2024

----------------------