// සභාවට අනුබද්ධිත ආයතන

සභාව තම අවශ්‍යතා සඳහා තීරණ ගැනීමේදී, පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව යමින් පාලන පක්ෂය හා විපක්ෂය අතර සාකච්ඡා හා විවාද හරහා එළඹෙන එකඟතාවයන්ට අනුව තීරණවලට එළඹේ.

පළාත් සභාවේ කාර්යයන් පහත දැක්වෙන ආකාරයට කෙටියෙන් දැක්විය හැකිය.

  1. සභාපතිතුමාගේ ධූරය
  2. සභානායකතුමාගේ ධූරය
  3. විපක්ෂ නායකතුමාගේ ධූරය
  4. ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකගේ ධූරය
  5. විපක්ෂ ප්‍රධාන සංවිධායකගේ ධූරය
  6. සභා ලේකම් කාර්යාලය

 

01.සභාපතිතුමාගේ ධූරය

ගරු. යසපාල කෝරළගේ  – නියෝජ්‍ය සභාපති

 

 

පළාත් සභාවේ ගරු සභාපතිතුමා සභා කටයුතු පිළිබඳ අංශයේ ප්‍රධානියා වේ. ඔහුට සහය වීම සඳහා නියෝජ්‍ය සභාපතිවරයෙකුද පත් කර ඇත. සභාවේ රැස්වීම්වල මූලාසනය දැරීම සහ සභා රැස්වීම්වලට සම්බන්ධ අනිකුත් කාර්යයන් ඉටු කරනුයේද සභාපතිතුමාගේ අධිකාරිය යටතේය. සභා රැස්වීම් පැවැත්වෙන අවස්ථාවන්හිදී සභාවේ පාලනය හා සභාවේ විනය රැකීම හා සභා රීති පවත්වාගෙන යෑම පිළිබඳ සම්පූර්ණ අධිකාරිය සභාපතිවරයා වෙත පැවරී ඇත.

 

ගරු. සුනිල් විජේරත්න -සභාපති

02.සභානායක ධූරය

ගරු. එල්. සුදත් මංජු ශ්‍රී අරංගල – විපක්ෂනායක

 

 

සභානායකවරයා සභාවට අදාළ කාර්යයන් ඉටු කිරීමෙහිලා සභාපතිවරයාට සහාය වේ.

සභාවේ විවාද පවත්වාගෙන යාමේදී පාලක පක්ෂයේ මෙන්ම විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරු සමගද සම්බන්ධීකරණයෙන් යුතුව කථිකයන්ගේ ලැයිස්තුව පිළිවෙල කිරීම, කථා කරන වේලාවන් ආදිය තීරණය කිරීමට සහය වීම ආදියෙන් සභානායකවරයා සභාපතිවරයාට සහාය වේ.

ගරු. හෙක්ටර් බෙත්මගේ -සභානායක

 

එමෙන්ම සභාවේ කටයුතු හා අමාත්‍ය මණ්ඩලය හා ප්‍රධාන අමාත්‍යවරයා අතර සම්බන්ධීකරණයක් ඇති කිරීමත්, පළාත් සභාවේ මන්ත්‍රීවරුන්ගේ අවශ්‍යතාවන් හා අදාළ සේවාවන් පිළිබඳව සොයා බලා සභා ලේකම් කාර්යාලයේ හා අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු කිරීමත්, සභානායකවරයා විසින් ඉටු කරනු ලබන කාර්යයන් කීපයකි.

03.විපක්ෂ නායක ධූරය

විපක්ෂ නායකවරයා සභාවේ විපක්ෂ කණ්ඩාය‍මේ නායකයා වන අතර, ඔහු එම කණ්ඩායම මෙහෙයවමින් සභා රැස්වීම්වලදී විවාදයන්ට සහභාගීවීමෙන් සභාවේ කටයුතුවලට සම්බන්ධ වේ. විපක්ෂ නායකවරයාට සහාය වීම පිණිස විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයෙකු පත් කර ඇත.

 

බස්නාහිර පළාත් සභාවේ විපක්ෂ නායකවරයාට පළාත් සභාවේ අමාත්‍යවරයෙකුට සමාන වරප්‍රසාද හා පහසුකම් සලසා ඇත.

04.

ආණ්ඩු පක්ෂ සංවිධායකවරයාගේ ධූරය

ගරු. චන්දන ජයකොඩි ආණ්ඩු පක්ෂ  ප්‍රධාන සංවිධායක

 

05.විපක්ෂ සංවිධායකවරයාගේ ධූරය

 

 

 

ගරු. යූ. ජෝර්ජ් පෙරේරා – විපක්ෂ  ප්‍රධාන සංවිධායක

 


--------------------

දුරකථන නාමාවලිය-2024

----------------------