// පළාත් සභා රැස්වීම් පැවැත්වීම

0.1 දිනයන් හා වේලාවන්

බස්නාහිර පළාත් සභාවේ සභා රැස්වීම් සාමාන්‍යයෙන් මාසයකට දෙවරක් පැවැත්වෙන අතර, සභා රීති අංක 8 අනුව සභාව විසින් වෙනත් තීරණයක් ‍නොගන්නේ නම් රැස්වීම සෑම මාසයකම පළමුවන ඉරු දිනට සහ තුන්වන ඉරු දිනට පසුව එළඹෙන අඟහරුවාදා දිනයන්හි පැවැත්වීමට නියමිතය.

සාමාන්‍ය සභා රැස්වීම් පෙ.ව. 9.30 සිට ප.ව. 2.00 දක්වා පැවැත්වෙන අතර, වාර්ෂික මුදල් ප්‍රකාශය පිළිබඳ විවාද වැනි රැස්වීම් පෙ.ව. 9.00 සිට ප.ව. 1.00 දක්වාද, ප.ව. 2.00 සිට ප.ව. 5.00 දක්වාද පැවැත්වීමට නියමිතය.කෙසේ වුවද, ආණ්ඩුකාරවරයා විසින් කැඳවනු ලබන රැස්වීමක් ඒ වෙනුවෙන් ආණ්ඩුකාරවරයා විසින් නිකුත් කරනු ලබන දැන්වීමෙන් නියම කෙරෙන වේලාවට ආරම්භ කළ යුතුය

0.2 න්‍යාය පත්‍ර:

රැස්වීම්වලට න්‍යාය පත්‍රය සභාවේ ලේකම් විසින් සභා කටයුතු කමිටුවේ නිර්දේශයන් අනුව සකස් කර අදාළ රැස්වීමට දින කීපයකට පෙර ගරු මන්ත්‍රීවරුන් අතට පත්වන සේ සියළුම ගරු මන්ත්‍රීවරු වෙත යවනු ලැබේ.

0.3 ප්‍රඥප්ති:

ප්‍රඥප්ති ඉදිරිපත් කිරීමටය අපේක්ෂා කරන ගරු අමාත්‍යවරවෙකු විසින් සභා රීති 37 යටතේ දැක්වෙන අදාළ සහතිකයද සමග ප්‍රඥප්තිය භාෂා තුනෙන්ම සකස් කර ගරු මන්ත්‍රීවරුන් වෙත බෙදා හැරීම සඳහා අවශ්‍ය පිටපත් ප්‍රමාණයද සහිතව සභාවේ ලේකම්වරයා වෙත භාරදිය යුතුය.

පෞද්ගලික මන්ත්‍රීවරයෙකු විසින් ප්‍රඥප්තියක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන අවස්ථාවන්හිදී සභා රීති අංක 42 පරිදි අදාළ ලේඛනද සහිතව ප්‍රඥප්තියේ අරමුණු සහ මුඛ්‍යාංගයන් ඇතුළත් යෝජනාවක් සභා ලේකම්වරයා වෙත භාර දිය යුතුය.

0.4 විවාද පිළිබඳ රීති:

සභාවේ විවාද පැවැත්වීම හා එම විවාදයන්හි ගරු මන්ත්‍රීවරු කථා කළ යුතු ආකාරය පිළිබඳ සම්පූර්ණ උපදෙස්  අංක 64 සිට 67 දක්වා වන සභා රීතිවල ඇතුළත් වන අතර, සභාවේ ‍ගෞරවය ආරක්ෂා වන පරිදි හා මැනවින් විවාද පැවැත්වීම සඳහා එම රීතිවල සඳහන් උපදෙස් පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම ඉතා වැදගත්ය.

පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ දිවුරුම් හා ප්‍රතිඥා:

1987 අංක 42 දරන පළාත් සභා පනතේ අංක (4) දරණ වගන්තිය අනුව,

“පළාත් සභා මන්ත්‍රීවරයෙකු විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හතරවන උපලේඛනයේ දැක්වෙන ප්‍රතිඥාව දී ඊට අත්සන් තබන තෙක් හෝ දිවුරුම් දී ඊට අත්සන් තබන තෙක් හෝ මන්ත්‍රීවරයෙකු වශයෙන් පළාත් සභාවේ අසුන් ගැනීම හෝ එහිදී ඡන්දය දීම හෝ නොකළ යුතුය.“

එහෙයින්, සභා කාර්ය පටිපාටි රීති මාලාවේ රීති අංක (1) හි සඳහන් පරිදි පළාත් සභාවේ සෑම මන්ත්‍රීවරයෙකුම සභාව තුළ අසුන් ගැනීමට පෙර පළාතේ ආණ්ඩුකාරවරයා ඉදිරියේ හෝ ආණ්ඩුකාරවරයා විසින් නම් කරනු ලබන වෙනත් අයෙකු ඉදිරියේ හෝ සභාපතිවරයා ඉදිරියේ හෝ දිවුරුම්/ ප්‍රතිඥාව දීමේ කටයුතු ඉටු කිරීමට කටයුතු සංවිධානය කෙරෙනු ඇත.

 

0.6 මන්ත්‍රීවරුන් අසුන් ගන්නා පිළිවෙළ:

මැතිවරණයකට පසුව පැවැත්වෙන ප්‍රථම සභා රැස්වීමේදී මන්ත්‍රීවරු සඳහා පනවා ඇති ඕනෑම අසුනක මන්ත්‍රීවරයෙකුට අසුන් ගත හැකිය. එහෙත් සභාපතිවරයා විසින් හැකි ඉක්මනින් තම අභිමතය පරිදි හා මන්ත්‍රීවරුන්ගේ ජ්‍යෙෂ්ඨත්වය අනුව සෑම මන්ත්‍රීවරයෙකුටම එක් අසුනක් බැගින් වෙන් කර දෙනු ඇත.

.

0.7 සභාපතිවරයෙකු හා නියෝජ්‍ය සභාපතිවරයෙකු පත් කර ගැනීම:

බස්නාහිර පළාත් සභාවේ මැතිවරණයකට පසුව පැවැත්වෙන ප්‍රථම සභා රැස්වීමේදී ප්‍රමුඛ කාර්යයක් වන්නේ සභාපතිවරයෙකු හා නියෝජ්‍ය සභාපතිවරයෙකු  පත් කර ගැනීමයි. නිතරඟයෙන් හෝ එක් අපේක්ෂකයෙකුට වැඩියෙන් අපේක්ෂකයන් ඒ සඳහා ඉදිරිපත් වුවහොත් මන්ත්‍රීන්ගේ වැඩි ඡන්දයෙන් හෝ තෝරා පත් කර ගැනීම සිදු කරනු ලැබේ.

 

2002.08.06 වන දින සභා සම්මත වූ සංශෝධිත කාර්ය පටිපාටි රීති අංක 4, (4) 10, සිට 4-(8) දක්වා වූ රීතීන් අනුව පළාත් සභාව නියෝජනය කරන මුළු මන්ත්‍රීවරුන්ගේ (නොපැමිණි මන්ත්‍රීවරුන්ද ඇතුළත්ව) බහුතර ඡන්දය ලබා ගන්නා අපේක්ෂකයා සභාපතිවරයා ලෙස තෝරා පත්කර ගැනීම සිදු කෙරේ.

0.8 නිසි ඇඳුමකින් සැරසී සිටිය යුතු බව:

සභා රැස්වීම්වලට සහභාගීවන ගරු මන්ත්‍රීවරුන් යුරෝපීය ඇඳුම් හා ටියුනික් කොලරය සහිත අත් දිග කමිසය හා කලිසම හෝ ජාතික ඇඳුම වැනි නිසි ඇඳුමකින් හෝ සැරසී සිටිය යුතුය.

0.9 සභා රැස්වීම් ආරම්භය:

සභා රැස්වීම් ආරම්භ කිරීමට ප්‍රථම කැඳවුම් සීනුව නාද කිරීමෙන් අනතුරුව සෙංකෝලය පෙරටු කරගෙන ගරු සභාපතිතුමා ශාලාවට පැමිණීමෙන් අනතුරු සභා රැස්වීමෙහි වැඩ කටයුතු ආරම්භ වනු ඇත..

1.0 ගණපූරණය :

සභාවේ ගණපූරණය නොපැමිණි මන්ත්‍රී සංඛ්‍යාවද ඇතුළත්ව මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් 1/3කි. සභාවේ ගණපූරණය නොමැති බව සභාපතිවරයාට පෙනී යන හෝ වෙනත් මන්ත්‍රීවරයෙකු විසින් ඒ බව දන්වනු ලැබූ විටක හෝ කැඳවීම් සීනු නාද කර විනාඩි 5ක කාලයක් ඇවෑමෙන් ගණපූරණය යළි ඇති වුවහොත්  සභාවේ කටයුතු ඉදිරියට ගෙන යා හැකිය. ගණපූරණය ගණන් ගැනීමේදී සභාපතිවරයාද එයට ඇතුළත් විය යුතුය.

1.1 මුලසුන දැරීම:

ගරු සභාපතිතුමා නොපැමිණි අවස්ථාවලදී, ගරු නියෝජ්‍ය සභාපතිතුමාද, ගරු නියෝජ්‍ය සභාපතිතුමා නොපැමිණි අවස්ථාවලදී සභාපති නාමාවලියේ දැක්වෙන පරිදි ගරු මන්ත්‍රීවරයෙකුගේ හෝ එසේත් නොමැති අවස්ථාවලදී සභාව විසින් තෝරා පත්කර ගන්නා ලද ගරු මන්ත්‍රීවරයෙකු මුලසුන සඳහා පත්කර ගනු ඇත.

1.2 සභාවේ වැඩ කටයුතු කළ යුතු භාෂාව:

සභාවේ වැඩ කටයුතු රාජ්‍ය භාෂාවලින් කරගෙන යා හැකිය. එහෙත් කථා කිරීමේදී සහ තම රාජකාරී කටයුතු ඉටු කිරීමේදී සම්බන්ධීකරණ භාෂාව වන ඉංග්‍රීසි භාෂාව භාවිතා කිරීමටද මන්ත්‍රීවරුන්ට හැකිය. සභාවේ කරනු ලබන කථාවල භාෂණ පරිවර්තනවලට සවන් දීම සඳහා මන්ත්‍රීවරුන්ට පහසුකම් සලසා දීම සභාපතිවරයාගේ වගකීම වේ.

”1.3සෙංකෝලය

ඇමතිවරයෙකුට හෝ සභානායකවරයාට හෝ කල්තැබීමේ යෝජනාව ඉදිරිපත් කළ හැකිය. දින නියමයක් නොමැතිව සභාව කල් තැබීමට නොපුළුවන. එහෙත් සභාවේ දැඩි නොසන්සුන්තාවක් ඇති වුවහොත් සභාව කල් දැමීමට හෝ තාවකාලිකව අත්හිටුවීමට හෝ සභාපතිවරයාට හැකිය.


--------------------

දුරකථන නාමාවලිය-2024

----------------------